ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක් ගන්න කැබිනට් අනුමැතිය

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානි ප්‍රතිසංස්කරණය කර ගැනීම වෙනුවෙන් ඉන්දීය රජයේ ‘සාගර් බන්දු මෙහෙයුම’ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 450ක ණය සහ ප්‍රදානයක් ලබා ගැනීම සඳහා දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට එම කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා පසුගියදා සිදුකළ ශ්‍රී ලංකා සංචාරයේදී සාගර් බන්දු මෙහෙයුම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණය මාලාවක් හා ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය ප්‍රදානයක් යෝජනා කර ඇත. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණය මුදල ඇමරිකානු ඩොලර් 250ක දිගු කාලීන ණය මාලාවක් ලෙස හා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය කෙටි කාලීන ණය මාලාවක් වශයෙන් ලබාදෙන බව එම කැබිනට් මණ්ඩල නිවේදනයේ සඳහන්වේ.

එම කෙටි කාලීන ණය මාලාව යටිතල පහසුකම්, සම්බන්ධතා, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස, ජලසම්පාදන සහ ආපදා කළමනාකරණ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ලබාදීමට නියමිතය.

එම කැබිනට් මණ්ඩල තීන්දුවේ වැඩඩිදුරටත් සඳහන් වන්නේ දිට්වා සුළි කුණාටුවේ බලපෑමේ භෞතික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 2.1ක් වන බව හා එහි ආර්ථික හානිය ඩොලර් බිලියන 1.4ක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් වන බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading