සලේ කෑම කන්න එකඟ වූ බව නිවේදනය කරයි

ආහාර නොගෙන උපවාසයක නිරතව සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ එම උපවාසය තාවකාලිකව අත්හිටවූ බව ඔහුගේ නීතිඥයා වන අසිත් සිර්වර්ධන මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

සුරේෂ් සලේගේ නීතිඥවරුන් විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම් සහ ලබාදුන් උපදෙස් සැලකිල්ලට ගනිමින් ඔහු එම තීරණයට එළඹි බවද ඔහුගේ නීතිඥයා එහිදී පවසා ඇත.

රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී සුරේෂ් සලේ කෑම වර්ජනය කරමින් සිය උපවාසය ආරම්භ කළ අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. ඔහු මුඛයෙන් ආහාර නොගත්තද, සේලයින් මාර්ගයෙන් අවශ්‍ය පෝෂණය ඔහුට ලබාදුන් අතර හෘද රෝගී තත්වයක් හේතුවෙන් මීට දිනි කිහිපයකට පෙර හෘද රෝග වාට්ටුවක ප්‍රතිකාර සඳහා ඔහුව යොමු කරනු ලැබීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading