ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඔහුගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත්කර තිබේ.
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න හා කේඒ විමලේන්තිරාජා පත්කර ඇත.
මෙම පත් කිරීම්වලට අදාළ ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ජුනි 30) ඔවුන්ට බාරදී ඇත.
