අමිත් වීරසිංහ අභිනව නිවහල් පෙරමුණේ නෙමේලූ

කබානා ඉදිරිකිරීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 120ක් වංචා කිරීමේ චෝදනා යටතේ මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අමිත් වීරසිංහ අභිනව නිදහස් පෙරමුණේ නිලධාරියකු හෝ සාමාජිකයකු නොවන බව එම පෙරමුණේ සභාපති ඕෂල හේරත් නිවේදනය කරයි.


මහජනතාව, රාජ්‍ය ආයතන, මැතිවරණ බලධාරීන් සහ සියලු මාධ්‍ය වෙත නිකුත් කරන එම එම නිවේදනයේ සඳහන් කරන්නේ එම පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමට, සාකච්ඡා කිරීමට, ප්‍රකාශ නිකුත් කිරීමට හෝ කිසිදු නිල කාර්යයක් කිරීමට අමිත් වීරසිංහට නීත්‍යානුකූල අයිතියක්, නීතිමය බලයක් හෝ ව්‍යවස්ථාපිත සුදුසුකමක් නොමැති බවයි.


එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කරන්නේ පක්ෂයේ නාමය මුවාවෙන් ඔහු සිදුකරන ක්‍රියාවන්, ප්‍රකාශයන් හෝ පොරොන්දුවීම් සම්බන්ධයෙන් එම පක්ෂය කිසිදු වගකීමක් හෝ නීතිමය බැඳීමක් භාර නොගන්නා බවයි.
අමිත් වීරසිංහ මීට පෙර මහසෝන් බලකාය යන නම භාවිතා කරමින් සිය කටයුතු සිදුකළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading