මේ වන විට රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන, කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබූ අතර, මැලේසියාවේ රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (25) රාත්‍රියේ දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
2022 ජූලි මස ගම්පහ අධිකරණ පරිශ්‍රය ආසන්නයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “පස්පොඩ්ඩා” ඇතුළු පිරිසකට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මෙම සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇති අතර, ඔහුට එරෙහිව පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
