ආණ්ඩුව ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ පුරප්පාඩු නොපිරවීම, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ ප්‍රමාදය හා අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය ලබාදීමට ආණ්ඩු පක්ෂය විරුද්ධ වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති විය.
ඒ සම්බන්ධයෙන් වන යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20කගේ අත්සනින් යුතුය අද (ජුනි 23) පෙරවරුවේ කථානායකවරයාට ඉදිරිපත් කර තිබූ අතර සභාවේ වැඩ කටයුතු ආරම්භයේදී අද දිනට අදාළ කල්තැබීමේ විවාදයෙන් පසු ඒ සඳහා පැය දෙකක කාලයක් ලබාදෙන ලෙස විපක්ෂ මන්ත්‍රී අජිත් පී පෙරේරා ඉල්ලා සිටි සිටියේය. එහෙත් එයට කාලය ලබාදිය නොහැකි බව සභානායක බිමල් රත්නායක ප්‍රකාශ කළ අතර ඒ සඳහා ඡන්දයක් ඉල්ලා සිටියේය.
එයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ ඔවුන් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ තීරණය ලබාදිය යුත්තේ කථානායකවරයා විසින් බවත්, සභානායකවරයාගේ අවසරයක් ඒ සඳහා අවශ්‍ය නැති බවය.
එහෙත් සභානායකවරයා පෙන්වා දුන් ස්ථාවර නියෝගයක් අනුව සිය තීරණය එය බව ප්‍රකාශ කරමින් කථානායකවරයා න්‍යාය පත්‍රයේ ඉදිරි කටයුතුවලට ආණ්ඩු පක්ෂයට අවසර ලබාදුන් අතර විපක්ෂය දිගින් දිගටම එයට විරෝධය පළ කළේය.
