දූෂණ චෝදනා මත වසර 16ක බරපතල වැඩ සහිත සිරදඩුවම් ලැබූ හිටපු ඇමති සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරයේ පුස්තකාල අංශයේ සේවයට යොදවා ඇතැයි වාර්තාවේ.
සිරදඩුවම් ලැබීමෙන් පසු ඔහු සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමුකළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒසී ගජනායක ප්‍රකාශ කලේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකර තිබූ නඩු හතරකට ඔහු වරදකරු වූ අතර ඒ සම්බන්ධයෙන් වන තීන්දුව කොළඹ මහාධිකරණය විසින් ජුනි 09 වැනිදා ලබාදෙනු ලැබීය. සිරදඩුවම් වලට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කරනු ලැබීය.
ඔහුට දඩුවම් නියම වූයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමේදී රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ ගනුදෙනු පිළිබඳවය.
