නලින් ප්‍රනාන්දුගේ පෙත්සම යළි සලකා බැලීම ජුනි 25

සිර දඩුවම් නියම වී සිටින හිටපු ඇමති නලින් ප්‍රනාන්දු ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ජුනි 25 දක්වා අභියාචනාධිකරණය කල් තබා තිබේ.

ඒ එම පෙත්සම අද (ජුනි 18) පී කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

නීතිපතිවරයා ගොනුකර ඇති චෝදනාවට අදාළව මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකළ නඩුවට මේ වනවිට නලින් ප්‍රනාන්දු මහතා සිර දඩුවම් විඳිමින් සිටින බැවින් එකම චෝදනාවට දෙවරක් නඩු පැවරිය නොහැකිය යන පදනම යටතේ නීතිපතිවරයාගේ චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඒ මගින් ඉල්ලා තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේ කැරම් බෝඩ් 14,000ක් හා දාම් ලෑලි 11,000ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම සඳහා සතොස ආයතනය මගින් ආනයනය කර රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදුකිරීම ඔහුට එරෙහි චෝදනාව වන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට ඔහු සිර දඩුවම් විඳිමින් සිටියි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading