සලේ මුරපද නොදෙන්නේ තොරතුරු සඟවීමටදැයි සැකයි- රවුෆ් හකීම්

සුරේෂ් සලේ සිය පරිගනකයේ හා දුරකතනයේ මුර පද ලබානොදීම මගින් එම උපකරණවල තිබෙන තොරතුරු සඟවා ගැනීමට ඔහුට අවශ්‍යතාවයක් තිබෙනවාද යන්න පිළිබඳ සැකයක් උපදින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසා තිබේ.

ඔහු ඒ බව පවසා ඇත්තේ ජුනි 17 දින පැවති මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසීමකදීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ගැටලු අවසන් කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය ලබාදිය යුතු බවද, එම ප්‍රහාරය කතෝලික ජනතාවට මෙන්ම ඉස්ලාම් ජනතාවටද ගැටලුවක් බවද, ඒ නිසා එම පරීක්ෂණ සඳහා සියලු දෙනා ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබාදිය යුතු බවද රවුෆ් හකීම් මහතා පවසා තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හෝ එහි ඇති ගැටලුකාරි වගන්ති සංශෝධනයට ලක්කරන ලෙස එදා සිට ඔහු ඉල්ලා සිටි බවත්, දැන් අගතියට පත්වෙලා සිටිනවා යැයි කියන පිරිස එදා එම පනත මුල්කරගෙන කටයුතු කළ අය බවත්, ඉන් ඔවුන්ම දැන් දුක් විඳින බවත්, එම ප්‍රශ්නය ඔවුන්ම අටවා ගත් එකක් බවත්, ඒ සම්බන්ධයෙන් ගැටලුවක් හෝ කම්පනයක් ඔහුට නැති බවත්, එදා ඒ යටතේ අත්අඩංගුවේ සිටි අය ගැන කාටවත් කම්පනයක් නොතිබුණ බවත් රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Author

Related Posts