කන්කසන්තුරේ සිට ඉන්දියාවේ නාගපට්ටම් බලා යන යාත්‍රාවකින් ඉන්දියාවට රත්‍රං ජාවාරම් කිරීමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයින් 17 දෙනෙකු ඇතුළු 26 දෙනෙකු ශ්‍රී ලංකා රේගුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර සිට ඇති අතර ඉන් 06 දෙනෙකු කාන්තාවන් වේ. ඉතිරි තිදෙනා පිරිමි පුද්ගලයින් වන බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කරයි.
අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු සතුව තිබී රත්‍රං සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සියල්ලන් වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
file photos
