මධ්‍යම පළාතේ සමුපකාර සමිති 8ක් අවලංගු කරයි!

මධ්‍යම පළාතට අයත් සමුපකාර සමිති අටක ලියාපදිංචිය මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ටාර් පී ඩබ්ලිව් ශිරෝමනී විසින් අවලංගු කර තිබේ.

එම අවලංගු කිරීම සිදුකර ඇත්තේ මධ්‍යම පළාත් සභාවේ සමුපකාර සමිති (සංශෝධන) පඥප්තිය අනුව වන අතර එම අවලංගු කිරීම ජුනි 12 දින අංක 2492/41 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.


ඒ අනුව සීමාසහිත ගල්කන්ද සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය, සීමාරහිත වැල්ගාල සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය, සීමාසහිත ජයමාලපුර විද්‍යාලීය පාසල් සමුපකාර සමිතිය, සීමාසහිත බලන කණිෂ්ඨ විද්‍යාලීය පාසල් සමුපකාර සමිතිය, සීමාසහිත වැටකේදෙණිය කණිෂ්ඨ විද්‍යාලීය පාසල් සමුපකාර සමිතිය, සීමාසහිත කැටකුඹුර විද්‍යාලීය පාසල් සමුපකාර සමිතිය, සීමාරහිත දඹුල්ල නාගරික සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය හා සීමාසහිත කඳපොළ වතුකඩ සමුපකාර සමිතිය යන සමුපකාර සමිති අවලංගු කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading