ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටීම පිළිබඳ සිය ගැඹුරු කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සඳහන් කරයි.
සුරේෂ් සලේ අත්අඩංගුවේ සිටියදී ශාරීරික තුවාල සහ දැඩි මානසික පීඩාවන්ට ලක්ව ඇති බවට නීති උපදේශකයින් හා වෛද්‍ය නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා පිළිබඳ කොමියුනිස්ට් පක්ෂය කනස්සල්ලට පත්ව සිටින බවද එහි සඳහන් කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියළු පීඩාකාරි ක්‍රියාවන් අහෝසි කිරීම සහ රටේ සෑම ප්‍රදේශයකම ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කරන බව ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වූ බව එම නිවේදනයේ අවධාරණය කරයි.
