නාවික හමුදාවට බැඳී විදේශ පුහුණුවීම් වලට යෑම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දැනුම් දීමක් කර ඇත.
ඒ අනුව ඔහුට ජුනි 16 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
ඔහු නාවික හමුදාවේ පුහුණුවට බැඳුන කාලයේ හා ඉන්පසු බි්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක පුහුණු පාඨමාලාවලට ගොස් තිබුණ අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජය වියදම් දරා තිබුණි.
