රැඳවුම් නියෝගයට එරෙහි සලේගේ රිට් පෙත්සම ජූලි 10 දක්වා කල් යයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාව රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ජූලි 10 දින දක්වා කල් දමා ඇත.

එම රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රොහාන්ත අබේසූරිය හා ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේදී අද (ජුනි 11) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දින නිම කිරීම සිදුකරනු ලැබීය.

එම රිට් පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු දැක්වීම් සිදුකළ අතර ඔහු එහිදී කියා සිටියේ සිය සේවාදායකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියෝග කර ඇති බවත්ය. ඒ නිසා එම වාර්තාව කැඳවීමෙන් අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් කරුණු දක්වනු ලැබීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading