දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය 2026 සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කර තිබේ.
එම කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුටත් කාලය අවශ්‍ය බැවින් එම දීර්ඝ කිරීම සිදුකරන බව ඒ සම්බන්ධයෙන් සභානායක ඇමති බිමල් රත්නායක ජුනි 11 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ සඳහන් වේ.
2026 ජනවාරි 21 දින එම කාරක සභාව ඇති කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මත කරන ලද අතර එම කාරක සභාවේ වාර්තව පළමු රැස්වීමේ සිට මාස 03ක කාලයකදී හෝ පාර්ලිමේන්තුව විසින් කලින් කලට දීර්ඝ කරනු ලබන කාල සීමාවකදී ලබාදිය යුතු බවට තීරණය කෙරුණි.
