පොලිස් ස්ථානාධිපතිවරුන් හය දෙනෙකු එම තනතුරුවලින් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත.
ඒ අනුව ඇල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා තෙල්දෙණිය කොට්ඨාශයට ද, දෙල්වල පොලිස් ස්ථානාධිපතිවරයා මහනුවර කොට්ඨාශයට ද, සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ මධ්‍යම කොට්ඨාශයට ද, අයගම පොලිස් ස්ථානාධිපතිවරයා කැලණිය කොට්ඨාශයට ද, රත්තොට පොලිස් ස්ථානාධිපතිවරයා මාතලේ කොට්ඨාශයට ද, කෝපායි පොලිස් ස්ථානාධිපතිවරයා කළුතර කොට්ඨාශයට ද ස්ථාන මාරු කර තිබේ.
රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිව එම ස්ථානමාරුවීම් සිදුකර ඇති බව වාර්තා වේ.
