විමල්ගේ සහෝදරයාට විදෙස් ගමන් තහනමක්

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරෙකු වන සරත් වීරවංශටවිදේශගත වීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

රජයේ වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකි. එමඟින් රජයට රුපියල් මිලියන 09ක දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සිදු කරන විමර්ශනයකට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්වරයා ඇතුළු අදාළ ආරක්ෂක අංශ වෙත වහාම දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading