දෙහිවලදී බෝම්බ පුපුරුවාගත් ජමීල් නිදහස් කර වාර්තාවක් දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අත්අඩංගුවට නොගැනීමේ නියෝගයක් ඉල්ලයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමාව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
අද (ජුනි 10) ඉදිරිපත් කර ඇති එම පෙත්සම මගින් ඔහු කියා ඇත්තේ කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂව සිටියදී පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ඔවුන්ගේ නිරීක්ෂණය යටතේ සිටි කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා නොගෙන දෙහිවල ටොපිකල් ඉන් හෝටලයේදී බෝම්බය පුපුරුවා ගත් අබ්දූල් ලතීෆ් ජමීල් මොහොමඩ් අන්තවාදී අදහස් සහිත පුද්ගලයකු නොවන බවට එවක පොලිස්පතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අනාවරණය වී සිටින්නෙකි.

2019 අප්‍රේල් 08 දින සහිතව ඔහු පොලිස්පතිවරයාට යවන වාර්තාවේ සඳහන් කරන්නේ ජමීල් ඔහු පදිංචි බවට අනාවරණය වී ඇති වැල්ලම්පිටිය ලිපිනයට හා එයට අදාළ ග්‍රාමසේවා වසම වෙත ගොස් පසුවිපරම් කළ බවත්, එහිදී ජමීල් ඔහුගේ බිරිඳ හා දරුවන් සමඟ එම ලිපිනයේ පදිංචිව සිටින බවත්, ප්‍රදේශය තුළ කිසිඳු නීති විරෝධී කටයුත්තක් සඳහා සහභාගි වී නොමැති බවත් හා වෙනත් අන්තවාදී අදහස් සහිත පුද්ගලයකු නොවන බවත් මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම ජමීල් සමාජ ජාලා වෙබ් අඩවි උපයෝගී කර ගනිමින් අයිඑස් මතවාදය සමාජය තුළ පැතිරවීම සඳහා කටයුතු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් කරුණු කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading