බැසිල්ට ජාත්‍යන්තර වරෙන්තුවක් ?

අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර හිටපු ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (ජුනි 10) දැනුම් දී ඇත.

ඒ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් මුද්‍රණය කිරීම සඳහා ලබාදී රජයට පාඩු කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එම නඩුවේ පළමු සැකකරු වන බැසිල් රාජපක්ෂට එරෙහිව නොතිසී නිකුත් කරන ලෙසයි.

බැසිල් රාජපක්ෂට මුල් අවස්ථාවේම වරෙන්තු නිකුත් කර ඇති බැවින් නොතිසී නිකුත් කිරීමට අවශ්‍ය නොවන බව හා දිව්රුම් පෙත්සමක් මගින් ජාත්‍යන්තර වරෙන්තුවක් සඳහා ඉල්ලීමක් කරන ලෙසයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading