සරණට අවුරුදු 72ක සිරදඩුවම් 4න් ගෙවෙන්න දෙයි! ලක්ෂ 18ක දඩ! නොගෙව්වොත් තව අවුරුදු 8ක්!

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩු හතරකට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය අද වසර 72ක සිරදඬුවම් වසර 16කින් එකවර ගෙවී යන ලෙස සහ ලක්ෂ 16ක දඩ නියම කළේය.

සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුවල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

පළමු නඩුවේ අන්තර්ගත වූ චෝදනා 06ටම ඔහු වරදකරු කෙරුණු අතර, එක් එක් චෝදනාවට වසර 04 බැගින් වූ සිරදඬුවම් සියල්ල එකවර ගෙවී යන ලෙස නියම කළේය. තවද එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩයක් නියම කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස 06 බැගින් අමතර සිරදඬුවම් නියම කෙරිණි.

දෙවැනි නඩුවේ මෙහි චෝදනා 06ක් තිබූ අතර ඉන් චෝදනා දෙකකින් විත්තිකරු නිදොස් කොට නිදහස් කෙරිණි. ඉතිරි චෝදනා 04ට වරදකරු කෙරුණු අතර, එක් චෝදනාවකට වසර 04 බැගින් එකවර ගෙවී යන ලෙස සිරදඬුවම් නියම විය. ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම වූ අතර, එය නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස 06 බැගින් අමතර සිරදඬුවම් නියම කෙරිණි.

තුන්වන නඩුවේ ඉදිරිපත් කර තිබූ චෝදනා 06ටම විත්තිකරු වරදකරු කෙරිණි. එක් චෝදනාවකට වසර 04 බැගින් එකවර ගෙවී යන සේ සිරදඬුවම් සහ එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම විය. දඩය නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස 06 බැගින් වූ අමතර සිරදඬුවම් නියම කෙරිණි.

හතරවන නඩුවේ අන්තර්ගත වූ චෝදනා දෙකටම විත්තිකරු වරදකරු කරන ලදී. වසර හතර බැගින් සිර දඩුවම් සහ ලක්ෂය බැගින් දඩ නියම කෙරිණි. එහිදී ද අදාළ දඩ මුදල් නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස 06 බැගින් වූ සිරදඬුවම් නියම කරන බව අධිකරණය නියෝග කළේය.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදුකිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩු ගොනුකර තිබුණි.

කතෘ සටහන-

මීට පෙර මාධ්‍යවලින් වාර්තා කර තිබුණේ වසර 4ක් යනුවෙනි. පසුව දඩුවම වසර 16ක් බව අධිකරණයෙන් කරන ලද පැහැදිලි කිරීමක් මත පදනම්ව එම පුවත සංශෝධනය කරන ලදී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading