පැන නැගී ඇති ශාසනික අර්බුද හමුවේ බුදු දහමේ චිරස්ථිතිය උදෙසා වහාම ක්‍රියාත්මක වන පරිදි ‘ශාසන ශෝධන’ වැඩපිළිවෙළක් සහ ධර්ම සංගායනාවක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජුනි 07 දින මල්වතු අස්ගිරි මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එසේ ‘ශාසන ශෝධන’ වැඩපිළිවෙළක් සහ ධර්ම සංගායනාවක් කැඳවන ලෙස ඉල්ලා පසුගිය සතියේ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් වෙත විශේෂ ලිපියක් හිටපු ජනාධිපතිවරිය යොමු කර තිබී ඇති සාකච්ඡාව පැවැත්වී ඇත්තේ ඒ සම්බන්ධයෙන්ය.
පල්ලේගම හේමරතන හිමිගේ සිද්ධියත් සමඟ ශාසනයට එල්ලවූ ප්‍රහාරත් ඒවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙන අතර එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලබාදී තිබුනේ නැත.
බුද්ධ ශාසනය ඉතිහාසයේ බරපතලම අභියෝගවලට මුහුණ දී සිටින බවත්, හුදකලා සිදුවීම්වලට වඩා පුළුල් ‘ශාසන ශෝධන’ වැඩපිළිවෙළක් සහ ධර්ම සංගායනාවක් හරහා ස්ථිර විසඳුම් සෙවිය යුතු බවත්, මීට පෙර 1956 සහ ඇගේ පාලන සමයේ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ මැදිහත්වීමෙන් දියත් වූ මෙවැනි උත්සාහයන්, වරප්‍රසාදිත පාර්ශ්වයන්ගේ විරෝධය මත අසාර්ථක වූ බවත් හිටපු ජනාධිපතිවරිය මහනාහිමිවරුන්ට යොමු කළ ලිපියේ සදහන් කර තිබී ඇත.
