බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
මෙම තීරණයත් සමඟ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ කණ්ඩායම් නායක නිහාල් මෙන්ඩිස්, මොහොමඩ් නිශාර්ඩ්, කාන්ති පැළවත්ත , අයේෂා චාමලී සහ පුෂ්පා සමරසිංහ යන මන්ත්‍රීවරුන්ට ඔවුන් දැරූ මන්ත්‍රී ධූර වහාම ක්‍රියාත්මක වන පරිදි අහිමි වී තිබේ.
වාර්තා වන අන්දමට මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ බුලත්සිංහල ප්‍රාදේශීය සභාව පිහිටුවීමේ ක්‍රියාවලියේදී පාලක පාර්ශවයට සහය දැක්වීම වෙනුවෙන් රහසිගතව මුදල් ලබාගෙන ඇති බවටයි.
මෙම දූෂණ ක්‍රියාව සනාථ කෙරෙන රහසිගත වීඩියෝ සහ හඬ පට ඇතුළත් සාක්ෂි, බුලත්සිංහල ප්‍රදේශයේ ප්‍රසිද්ධ නමක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත භාර දී තිබේ. එම දර්ශන සහ හඬ පට පරීක්ෂා කිරීමේදී, අදාළ මන්ත්රීවරුන්ගේම හඬින් සහ දර්ශන මඟින් ඔවුන් මුදල් ලබාගත් බව ඉතා පැහැදිලිව තහවුරු වී ඇත.
මෙම සාක්ෂි ලැබීමෙන් අනතුරුව, සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායක මන්ත්‍රී ජගත් විතාන විසින් මේ පිළිබඳව දිගින් දිගටම විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා ඇති බව පැවසේ.
අදාළ සාක්ෂි සියල්ල සත්‍ය බව තහවුරු කරගැනීමෙන් පසු මන්ත්‍රීවරුන් 5 දෙනාම වහාම පක්ෂ සාමාජිකත්වයෙන් සහ මන්ත්‍රී ධූරවලින් නෙරපා හැරීමට පක්ෂ විනය කමිටුව සහ විපක්ෂ නායකවරයා තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ජගත් විතාන සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රී ධූර 16ක් ලැබුණු බවත් එහිදී මාළිමාවට මන්ත්‍රී ධූර 9ක් පමණක් තිබූ බවත් පසුව ඔවුන් මුදල් දී සජබ 5 දෙනෙකු ලබා ගෙන ඇති බවයි. මේ සඳහා සජබ හිටපු සංවිධායකගේ පූර්ණ ආශිර්වාදය මේ සඳහා ලැබී ඇති බව ද සඳහන් කර සිටියා. එසේම මෙම මන්ත්‍රීවරුන් විසින් පසුගිය රැස්වීම් බොහෝ ප්‍රමාණයක මාලිමාවේ තීරණ වලට පක්ෂව සහය දක්වා ඇති බවද ඔහු සඳහන් කර සිටියා. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණය ගත් බව ඔහු පවසා සිටියා.
