රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ [SPC] සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජුනි 04 දින සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමුකර ඇත.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ ඔහු යළි විශ්වවිද්‍යාල සේවයට යෑම සඳහා එසේ ඉල්ලා අස්වී ඇති බවයි.
එම තනතුරට ඔහු පැමිණියේ විශ්වවිද්‍යාල ස්ථීර සේවයේ සිට තාවකාලිකව බවත්, යළි විශ්වවිද්‍යාල සේවයට යෑමට පසුගිය කාලයේ ඉල්ලීම් කරමින් සිටි බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
