කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් පසුගිය දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් එහි සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද තුවාල ලබා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරයි.
ඉරානය එල්ල කළ ප්‍රහාර ටර්මිනල් වන් වෙත පතිත වීමෙන් සිදුවූ ජීවිත හානි සහ ගුවන් තොටුපළ යටිතල පහසුකම්වලට සිදුවූ හානි හේතුවෙන්, කුවේට් රාජ්‍යය බදාදා දින සිය ගුවන් ගමන් කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව එරට සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල්ලා අල්-රාජ්හි ප්‍රකාශ කළ බව කුවේට් රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය (KUNA) උපුටා දක්වමින් වාර්තා කර සිටියි.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මැදපෙරදිග කලාපය පුරා දැනට ජීවත්වන සහ රැකියාවල නිරත වන මිලියනයකට අධික ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම ශ්‍රී ලංකා රජයේ පරම සහ ප්‍රමුඛතම වගකීමක් ලෙස සලකනු ලබන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
දිනෙන් දින උණුසුම් වන කලාපීය තත්ත්වය හමුවේ, ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව මෙහිදී ඉල්ලා සිටී. කලාපීය සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම, මෙවැනි දරුණු වටපිටාවන් තුළ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් දියත් වන ගෝලීය උත්සාහයන්ට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය නිරන්තරයෙන් සහ දැඩි ලෙස කැපවී සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙසේ රජය සඳහන් කළද ගෝලීය යුධමය සහ වසංගත තත්වයන් හමුවේ ප්‍රතිපත්තිමය වශයෙන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය Emergency responsible policy එකක් දැකිය නොහැකිය. දිනෙන් දින උග්‍ර වන මැදපෙරදිග යුධමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් බහුතරයක් රැකියා කරන කලාපයක් බැවින් මෙවැනි ප්‍රතිපත්තිමය අවශ්‍යතාවය කඩනමින් අවශ්‍යව පවතී.
