රනිල්ට සජිත්ගේ කඳ ඕනලු

අසේල කුරුළුවංශ

පාර්ලිමේන්තුව තුළ විපක්ෂය ශක්තිමත් නොමැති බවත් රනිල් ගේ මොළයට සජිත්ගේ කඳ එකතු කරමින් විපක්ෂය ශක්තිමත් කළ යුතුව තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, මහනුවර දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැති රැස්වීමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා මෙසේද පැවසුවේය.

රනිල් හා සජිත් ගත්තම දෙන්නටම සහජ හැකියාවන් තිබෙනවා. ඒ හැකියාවන් දෙකම එකතු කරලා අපි ගමනක් යන්න ඕන. මේක රනිල්ගේ මොළයට සජිත්ගේ කඳ එකතු කරනවා වගේ වැඩක්. එහෙම වුණොත් තමයි විපක්ෂය ශක්තිමත් වෙන්නේ. එදා එජාපයට විරුද්ධව ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක එළියට ඇවිත් පාර්ලිමේන්තුවෙන් පිටතදී දුන් හඬ රැව් පිළිරැව් දුන්නා. පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂය ශක්තිමත් නොවුනත් ඒ වගේ පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය ශක්තිමත් කරන්න ඕන.

පළාත් සභා දැන් නෛතික වශයෙන් තැබිය යුතුයි. අපි ආණ්ඩුවට බරකරනවා පුළුවන් තරම් ඉක්මනට පළාත් සභා තියන්න කියලා. පාර්ලිමේන්තු කෙටුම්පතක් පිළිබඳ කතා කරමින් පළාත් සභා නොතියා ඇඟ බේරා ගන්න ආණ්ඩුව උත්සහා කරනවා. පළාත් සභා කියන්නේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නිසි කාලයට ඡන්ද තියන්න ඕන. පළාත් සභා ඡන්දය තියන්නේ නැහැ කියලා විපක්ෂයේ සිටියදී ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන් රනිල්ට චෝදනා කළා.

අපි ආණ්ඩුවට කියන්නේ ඒ ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී පොරොන්දු ඉටු කරමින් හැකි තරම් ඉක්මනින් පළාත් සභා ඡන්දය තියන්න කියලයි. සමගි ජනබලවේගය සහ අපි එකතු වෙලා තිමයි මහනුවරට ඉල්ලන්නේ. ඒ ගැන කතා දෙකක් නැහැ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading