දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ යනුවෙන් අරමුදලක් පිහිටුවා නැතත් ඒ සඳහා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් තවමත් මුදල් බැර කරමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයක් අනුව පෙනේ.
ජනාධිපති මාධ්‍ය අංශය ජුනි 03 දින සහිතව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම අරමුදල සඳහා විදෙස් ගත ශ්‍රී ලාංකිකයකු වන ලෝරන්ස් එරල් කුමාරවේල් මාර්ටි විසින් රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක් සිදුකළ බව හා එයට අදාළ චෙක්පත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති වෙත බාරදීම මැයි 29 වැනිදා ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරුණ බවයි.
එහෙත් ජුනි 02 වැනිදා පැවති රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වූයේ ‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ යනුවෙන් අරමුදලක් මෙතෙක් පිහිටුවා නැති බව හා ඒ සම්බන්ධයෙන් ලැබෙන මුදල් භාණ්ඩාගාරයේ ගිණුමක කිසිදු වියදමක් නොකර තිබෙන බවයි.
