බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසකින් ඉවත්ව එහි උරුමකරුවන්ට යළි ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු භික්ෂූන් දෙදෙනෙකු කැමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහි නඩුවක් ඉවත් කරගෙන තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ ජුනි 01 වැනිදා ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දී ඇත්තේ එම සුඛෝපභෝගි නිවස උරුකරුවන්ට ලබාදී විත්තිකාර හිමිවරුන් එම නිවසින් ඉවත් වීමට සූදානම් බවයි.
ඒ අනුව පැමිණිල්ල ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය විරුද්ධ නොවන බව දැනුම් දී ඇති අතර ඒ අනුව පැමිණිල්ල ඉවත්කර ගැනීමට අවසර ලබාදී ඇත.
ඇමරිකාවේ පදිංචි සිය ලඟම ඥාතියෙකු විසින් නීත්‍යානුකූල බලපත්‍රයක් මගින් එම නිවසේ අයිතිය තමන් වෙත පවරා ඇති බව බවත්, ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු පිරිස තමන්ට එම නිවසට ඇතුළු වීමට ඉඩ නොදී නීති විරෝධී ලෙෂ බාධා පමුණුවන බවත් එහිදී අගතියට පත් පාර්ශවය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එහෙත් විත්තිකරුවන්ගේ නීතිඥයින් කරුණු දක්වමින් පවසා ඇත්තේ විදේශයක පදිංචිව සිටින උපාසිකාවක විසින් ගලගොඩඅත්තේ ඥානසාරි හිමිට එම දේපල පූජා කළ බවත්, ඒ එම මහල් නිවාසය විකුණා ඉන් ලැබෙන මුදලින් චෛත්‍යයක් ඉදිකිරීමට බවය.
