අල් කුරානය පිළිබඳ කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉස්ලාම් ආගමට අපහාස කිරීම මගින් ජාතික සමගියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි නඩුව විභාග කිරීම සඳහා දින නියම කිරීම ජුනි 26 වැනිදා සිදුකිරීමට නියමිතය.
එම නඩුව සම්බන්ධයෙන් වන පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද (01) අවසන් කිරීමෙන් පසු නඩුව විභාග කිරීම සඳහා දින නියම කිරීමට ජුනි 26 වැනිදා කැඳවන බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල නියම කර ඇත.
එම නඩුවට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති මූලික නඩු ගොනුව සහ සීඩී පටි යළි මහාධිකරණය හමුවේ කැඳවන ලෙසද එහිදී නියෝග කර ඇත.
එමෙන්ම අද අධිකරණය හමුවේ පෙනී සිටි එම නඩුවේ පළමු සාක්ෂිකරුට යළි ජුනි 26 වැනි්දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දී ඇත.
