ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සඳහා ඉදිරියේදී කිව් ආර් ක්‍රමවේදය තදින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව බලශක්ති ඇමති අනුර කරුණාතිලක පැවසීය.
අද (01) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව පැවසු බලශක්ති ඇමතිවරයා එසේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීම මගින් ආර්ථිකයට සිදුවන බලපෑම යම් පමණකින් සමනය කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මැයි මාසය වනවිට ඩොලර් මිලියන 524ක් ඉන්ධන ආනයනය සඳහා වැයකර ඇති බවත්, එය තවදුරටත් දරාගත නොහැකි වියදමක් බවත්, රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා ඉන්ධන පරිභෝජනය අඩුකළ යුතු බවත්, එසේ නොවුනහොත් රටේ ආර්ථිකයට ඉන් බලපෑමක් එල්ල විය හැකි බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
