පළාත් සභා ඡන්ද පවත්වන්නේ කෙසේද? මැතිවරණ කොමිසම ජනපතිව දැනුවත් කරලා

පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම පිළිබඳව පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කරුණු ඉදිරිපත් කිරීමට පෙර මැතිවරණ කොමිෂන් සභාව එම ඡන්ද විමසීම් සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

දැනට පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට අදාළ කරගත හැකි නීතිමය ප්‍රතිපාදන නොමැති බවද, ඒ සඳහා පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර දිය යුතු බවද ඒ මගින් මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

පළාත් සභා ඡන්ද විමසීම්වලට අදාළ නව නීතියට අනුව සීමා නිර්ණයේ පවතින ගැටලු විසඳා නව ක්‍රමය යටතේ ඡන්ද පැවැත්වීම හෝ පැවති සමානුපාතික ක්‍රමයට ඡන්ද පැවැත්වීම යන ආකාර දෙකෙන් එකක් තීරණය කර ඒ සඳහා වන නීතිමය ප්‍රතිපාදන සකස් කර දිය යුත්තේ පාර්ලිමේන්තුව මගින් ආණ්ඩුව බවද මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට යැවූ එම ලිපියේ සඳහන් කර තිබී ඇත.

පළාත් සභා ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කරනු ලබන විපක්ෂයේ නියෝජිතයන් පැවති සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට හා එහිදී කාන්තා හා තරුණ නියෝජනය ඉදිරිපත් කරන ලැයිස්තුවලට ඇතුළත් කිරීමට සිය එකඟතාවය පළකර ඇති අතර ඊට අමතරව දේශපාලන පක්ෂ හතලිස් ගණනක් ද එම යෝජනාවට ඔවුන් පක්ෂ බව එම තේරීම් කාරක සභාවට දැනුම් දී තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading