ඊ – පාස්පෝට් ටෙන්ඩරය කැබිනට් මණ්ඩලය නවත්වයි…

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම අත්හිටුවන ලෙස කැබිනට් මණ්ඩලය විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ අනුව ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා ලංසුකරුට දැනුම් දී ඇත්තේ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය නියෝග කර ඇති බවයි. එහෙත් ඒ සඳහා හේතුව කුමක්ද යන්න ආගමන හා විගණන පාලක ජෙනරාල්වරයා සඳහන් කර නැත.

එම විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය Thales DIS Finland Oy/Just in Time (JIT) වෙත ප්‍රදානය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිර්දේශ කර තිබූ අතර එම ටෙන්ඩරයට අදාළ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි. ඒ එම ප්‍රසම්පාදනය ක්‍රිියාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට අවාසිදායක අධික පිරිවැය තත්වයන් ඇතිවන බව කියමින්ය.

Author

Related Posts