හදිසි නීතිය දික් කරයි

මැයි මස 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි රටපුරා හදිසි නීතිය පැනවීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකර තිබේ. මැයි 28 දින අංක 2490/06 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය පැනවීම සිදුකර තිබේ.

රටේ මහජන ආරක්ෂක හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙම හදිසි නීති තත්වය ප්‍රකාශයට පත්කරන බව එහි සඳහන් කර තිබේ.

දිට්වා සුළි කුණාටු අවස්ථාවේදී ආපදා සහන කටයුතු සිදුකිරීමට යැයි ප්‍රකාශ කරමින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළ අතර එය එතැන් සිට මාසයකට වරක් පැනවීම සිදුකරනු ලබයි. එමෙන්ම හදිසි නීතිය පනවා ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමද සිදුකරනු ලබයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading