දිට්වා සුළි කුණාටුවේ පසු ආපදා තත්වය සලකා සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා යැයි සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් ක්ෂේත්‍ර 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම අත්‍යවශ්‍ය සේවා නම්කර ඇති අතර එය මැයි 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් වන සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළු ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, සෞඛ්‍ය සේවා, මගී හා බඩු ප්‍රවාහන සේවා, මංමාවත්, දුම්රිය මාර්ග ගුවන් තොටුපල, වරාය හා සංචාරක සේවා, ජලය සැපයීමේ සේවා, ආහාර සැපයීමේ හා බෙදා හැරීමේ සේවා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිට ගම් මට්ටම දක්වා වන සේවාවලට අදාළ නිලධාරීන්, ගිලන් රථ සේවා, මහ බැංකුව ඇතුළු බැංකු හා රක්ෂණ කටයුතු, පළාත් පාලන ආයතන විසින් සිදුකරනු ලබන සියලු සේවාවන්, වාරිමාර්ග සේවාවන්, දුරකතන, විදුලි සංදේශ හා මාධ්‍ය සේවාවන්, පහත් බිම් ගොඩ කිරීමේ සේවාවන් සහ කෘෂි හා කෘෂි රක්ෂණ සේවාවන් මෙසේ අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම්කර තිබේ.
