නඩුව අතරතුර වනාතවිල්ලුවේ බලය සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද (මැයි 27) පැවති ඡන්ද විමසීමේදී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයට හිමිවී ඇත.

ඒ අනුව සමගි ජන බලවේගයේ අපේක්ෂක වර්ණකුලසූරිය වින්සන් ප්‍රැන්සිස්ට ඡන්ද 10ක් ලැබී ඇති අතර ජාතික ජන බලවේගයෙන් තරග කළ අපේක්ෂකයාට ලැබී ඇත්තේ ඡන්ද 8කි.

උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ද ඡන්ද 11ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයේ අපේක්ෂයා එම ධුරයට තේරී පත්වී ඇති අතර ජාතික ජන බලවේග අපේක්ෂකයාට එහිදී ලැබී ඇත්තේ ඡන්ද 6ක් පමණී.

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා ලැබුණ සභික ධුර සංඛ්‍යාවෙන් තුනක් සඳහා කාන්තා නියෝජනය යටතේ සභිකයින් තෝරා පත්කර ගැනීමට එරෙහිව එම පක්ෂය මැතිවරණ කොමිසමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණි.

ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක පැවති නඩු වාරයේදී මැතිවරණ කොමිසම පෙන්වා දී තිබුනේ එම නඩුවේ තීන්දුව කෙසේ වූවත් එම සභාව පිහිටුවීමට එය බාධාවක් නොවන බවයි. ඒ අනුව අධිකරණය එම සභාව පිහිටුවිය හැකි බවට කළ නියෝගයෙන් පසු මෙම ඡන්ද විමසීම පවත්වා තිබේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading