පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට හා එහිදී ස්වෙච්ඡා පදනමක් මත ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවල කාන්තා හා තරුණ නියෝජනය 25% ක් ලෙස සහතික කිරීමට දේශපාලන පක්ෂ එකඟ වී ඇත.
ඔවුන් එම එකඟතාවය ලබාදී ඇත්තේ පැෆ්රල් සංවිධානය විසින් පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමේ ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල සහභාගිත්වයෙන් මැයි 26 දින පැවැත්වූ සාකච්ඡාවකදීය.
එම එකඟතාවයට ඒ සඳහා සහභාගි වූ දේශපාලන පක්ෂ හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 41ක් සිය කැමැත්ත ප්‍රකාශ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා ඇති අතර එම ඒකාබද්ධ ප්‍රකාශය පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති පාර්ලිමේන්තු කාරක සභාවට හා ආණ්ඩු පක්ෂයට යොමු කිරීමට තීරණය වී ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාල, පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් ලසන්ත අලගියවන්න, එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය වෙනුවෙන් ෂානක්කියන් රාසමානික්කම්, ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති සමීර සේනානායක, ඊපීඩීපී මධ්‍යම කාරක සභික එම්අයි මුරුගන්, එක්සත් ජනරජ පෙරමුණේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර, අකිල ඉලංකෙයි ද්‍රවිඩ මහ සභා පක්ෂයේ නායක කේ විග්නේෂ්වරන්, දමිල ප්‍රගතිශීලි සංවිධානයේ නායක මනෝ ගනේෂන්, එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මලෛගහ අරසියල් අරංගම් හි ප්‍රධාන ලේකම් එම් තිලකරාජ්, ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ඩීඑස් වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් වීරසුමන වීරසිංහ, සමාජවාදී ජනතා පෙරමුණ වෙනුවෙන් ජී තිලකසිරි, ශ්‍රී ලංකා මුස්ලිම් කෙංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර්, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නාලක පෙරේරා, ජාතික ජන බලවේගයේ මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ආදීන් එයට අත්සන් තබා ඇත.
එම සාකච්ඡාවට සහභාගි වූ දෙවන පරපුර නියෝජනය කළ එහි ප්‍රධාන ලේකම් උවිඳු විජේවීර පමණක් එම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබා නැත.
