ඇමරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් හුවමාරු අගය මැයි 25 දින සිට ඉදිරියට රුපියල් 353.1723 ක් බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ශාන්ත කුමාර ලියනගම ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ ඔහු විසින් ඒ සම්බන්ධයෙන් මැයි 22 දින සහිතව නිකුත් කරන ලද විනිමය අනුපාතයට අදාළ රේගු නිවේදනයක් මගිනි.
එම නිවේදනයට අනුව ඊට පෙර මැයි 18 දින අංක 2489/01 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කළ විනිමය අනුපාත අවලංගු කර තිබේ.
පසුගිය සතියේ දින කිහිපයක් තුළ ඇමරිකානු ඩොලරයක් සඳහා වන ශ්‍රී ලංකා රුපියල් හුවමාරු අගය ඉහළ ගොස් යළි පහළ ගිය අතර එය මේ වනවිට රුපියල් 330ට වඩා අඩු හුවමාරු අගයක පවතී.


