සමාගම්වලට දුන් වනාන්තර ඉඩම් යළි ආදීවාසීන්ට ! මහවැලි අධිකාරිය අධිකරණයට දැනුම් දෙයි.

කෘෂිකාර්මික කටයුතු සඳහා සමාගම්වලට ලබාදී තිබූ ආදිවාසී ජනතාව භාවිතා කළ ඉඩම් ඔවුන්ට නැවත මුදා හරින බව මහවැලි සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබේ.

එම දැනුම්දීම අද (මැයි 26) සිදුකර ඇත්තේ අභියාචනාධිකරණයට වන අතර ඒ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

එම රිට් පෙත්සම මගින් ආදීවාසී නායකයා අභියෝගයට ලක්කර තිබුනේ කෘෂිකාර්මික කටයුතුවලට යැයි කියමින් විවිධ සමාගම් විසින් 2021 වර්ෂයේදී පොල්ලේබැද්ද හා රඹකැන් ඔය ප්‍රදේශයේ පිහිටි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කිරීමයි.
ආදීවාසී නායකයා වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading