ගැටලු විසඳන තෙක් අස්වැසුම සංගණනයෙන් ඉවත් වන බව ප්‍රාදේශීය ලේකම්වරුන් ජනපතිට දැනුම් දෙයි

අස්වැසුම සුබසාධක වැඩසටහන තුළ ඇති වී ඇති ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා තෙක් එහි සංගණන කටයුතුවලින් ඉවත් වන බවත්, ඒ හේතුවෙන් රජයට හා ජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වගකීම බාරගත යුතු බවත් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය ජනාධිපතිවරයාට එම දැනුම් දීම කර ඇත්තේ අස්වැසුම පළමු අදියර තොරතුරු යථාවත් කිරීම හා සංගණන කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලට අදාළවය.

එහි සඳහන් කරන්නේ නව රජය යටතේද ගැටලුකාරි තත්වයන් සමඟ අස්වැසුම ප්‍රතිලාභවලට අදාළ IWMS දත්ත පද්ධතිය ක්‍රියාත්මක වන බවත්, ඒ තුළින් ඇතිවී තිබෙන අයහපත් බලපෑම් සියල්ලේ වගකීම හා වගකීම ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් වරුන් මත පැවරීමට දරන උත්සාහය තරයේ හෙළා දකින බවයි.

අස්වැසුම පළමු අදියරේ සංගණන කටයුතු සඳහා බාහිර පාර්ශවයන් යොදා ගැනීම මගින් වැරදි තොරතුරු පද්ධති ගත වීමක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් නුසුදුසු පවුල් ප්‍රතිලාභීන් බවට පත්වීමත්, ප්‍රතිලාභ ලැබීමට සුදුසු පවුල් මඟහැරීමත් සිදුව ඇති බවයි.

Author

Related Posts