ජනාධිපති කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ප්‍රමුඛ කොටගත් සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල, පෞද්ගලික අංශය හා මහජනතාව සමඟ එක්ව බලශක්ති පරිභෝජන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන ‘සුරකිමු ලංකා’ බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
බලශක්ති සැපයුම පොසිල ඉන්ධන මත සැලකිය යුතු ලෙස රඳා පැවතීම, අනපේක්ෂිත වියළි කාලගුණික තත්ත්ව, භූ දේශපාලනික අස්ථාවර තත්ත්වයන් මත වරින්වර ඉන්ධන සැපයුම අඩාලවීම, ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉන්ධන මිල උච්ඡාවචනය වීම ආදී හේතූන් මත මෙන්ම ආනයන වියදම ජාතික ආර්ථිකය මත ඇති කරන අතිරේක පීඩනය හා විදුලි පාරිභෝගිකයින්ගේ අක්‍රමවත් විදුලි පරිභෝජන රටාව හේතුවෙන් ද මෙරට බලශක්ති සුරක්ෂිතතාව දැඩි ලෙස අභියෝගයට ලක්ව තිබෙනවා.
එබැවින්, එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීම පිණිස වැඩි පුනර්ජනනීය බලශක්ති ජනනයක් ඇති කාලපරාසවලට විදුලි පරිභෝජනය හැකිතාක් යොමු කිරීම සඳහා හා බලශක්ති පරිභෝජන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මහජනතාවගේ චර්යාත්මක වෙනස්වීම් ද අත්‍යවශ්‍ය බව හඳුනාගෙන එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම ‘සුරකිමු ලංකා’ බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ඒකාබද්ධ වැඩසටහන මඟින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

IMF එපා රුසියාවෙන් තෙල් සහන මිලට ගන්න සර්ගියෝ ගෝර එන්නේ තවත් අමෙරිකාව සමග අනවශ්‍ය රටට අහිතකර ගිවිසුම් කෙබර කොටා ලවා අත්සන් කරගන්න ද? තු නොදකින් තුය්යකොන්ත හා අරුණ ජයසේකර, ඉන්දියාව පොලිස් වාහන උතුරු නැගෙනහිර පළාත්වලට දෙන්නේ ඇයි මේ ධනනාත් ප්‍රනාන්දු පිටුවහල් කරපිය්ව් නැන්දලාල් මහින්ද සිරිවර්දන හර්ශන සුරිය්පෙරුම, දුමින්ද හුලගමුව හනීෆ් යුසුෆ් ආර්ථික ඝාතකයෝ. මහ බැoකුව වහා රාජ්‍ය ට වග කියන තැනට පත් කරන්න. ආර්ථික පරිවර්තන පනත ණය් කලමනාකරන පනත් අහෝසි කරන්න පළාත් සභා චන්දේ එපා පාර්ලිමේන්තු මැතිවරණ ඕනේ තොපි මොකක් වත් කලේ නෑ colombo dockyard බේරගන්න වත් විදුලි බලා මණ්ඩලය බේරගන්න වත් දැන් වත් මැදිහත් වෙයව්