පවිත්‍රා වන්නිආරච්චි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින නීතිවිරෝධී වත්කම් හා බුද්ධිමය දේපළ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

වාර්තා වන අන්දමට ඇය මෙලෙස පැමිණ ඇත්තේ ඇය සතු වත්කම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ය.

මෙරට ප්‍රබල විපක්ෂ දේශපාලනඥයන් සහ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් අයථා ලෙස උපයාගත් මුදල්වලින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් අධි සුඛෝපභෝගී දේපළ සහ ඉඩම් මිලදී ගෙන ඇති බවට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට විවිධ පාර්ශ්වයන්ගෙන් පැමිණිලි ලැබී තිබුණි.

මෙම පැමිණිලිවලට අනුව පොලිස් දෙපාර්තමේන්තුව විසින් හිටපු ප්‍රබල අමාත්‍යවරුන්, විපක්ෂයේ වත්මන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකු ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ වත්කම් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. පවිත්‍රා වන්නිආරච්චිගේ නම ද මෙම ප්‍රධාන සැකකටයුතු ලැයිස්තුවට ඇතුළත්ව තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading