යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් මරණ දඩුවම ලැබ බන්ධනාගාරගතව සිටි සිරකරුවකු සිය දිවි හානිකරගෙන තිබේ.
එසේ මරණ දඩුවම ලැබ සිටි එම සිරකරුගේ සිරුර සිර කුටියක් තුළ එල්ලෙමින් තිබියදී අද (මැයි 25) සොයාගත් බව යාපනය පොලීසිය පවසා තිබේ.
මෙසේ සිය දිවි හානිකරගෙන ඇත්තේ යාපනයේ පදිංචිව සිටි පූබාලසිංහම් ශෂිකුමාර් නොහොත් රවී නැමැති 46 හැවිරිදි පුද්ගලයෙකි.
2015 මැයි මාසයේ දිනෙක පාසල නිමවී නිවස කරා පැමිණෙමින් සිටියදී ඝාතකයින් විසින් ඇය අල්ලා යටත්කරගෙන සමූහ දූෂණයට ලක්කරමින් මරා දමා තිබුණි. එමෙන්ම එම සමූහ දූෂණය ඔවුන් වීඩියෝ ගතකර විදේශගත පිරිසකට සජීවීව පෙන්වා ද තිබුණි.
එම ඝාතකයින්ට මහාධිකරණයෙන් ලබාදුන් මරණ දඩුවමට එරෙහිව සිදුකරන ලද අභියාචනාවලදී එම දඩුවම් ස්ථීර වූ අතර දෙදෙනෙකුව පමණක් පසුව නිදහස් කරන ලදී.
