රන් උගසට තැබීමේදී ඒ සඳහා ලබාදෙන මුදල මුළු වටිනාකමෙන් සියයට 70ක උපරිම මුදලකට සීමා කරන ලෙස බලපත්‍රධාරි බැංකු හා මූල්‍ය ආයතන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේ.
මෙම නියෝග මැයි 25 දින සිට ක්‍රියාත්මක වන අතර එය උකස අලුත් කරන රන් සඳහාද අදාළ වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.
රන් උකසට තබා ණය ලබා ගැනීමේ ගනුදෙනුවල සැළකිය යුතු වර්ධනය සහ එම ප්‍රවණතාවය ඉදිරියටත් පැවතීම හේතුවෙන් මූල්‍ය පද්ධතියට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය සැළකිල්ලට ලක්කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ගෙන තිබේ.
