කොළඹ මහ නගර සභාව විසින් රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 1034 ක එකතු කළ අගය මත බදු (VAT) මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව පවසමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.
දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පවරන ලද මෙම නඩුවේ වගඋත්තරකරු ලෙස කොළඹ මහ නගර සභාව නම් කර ඇත.
අදාළ පැමිණිල්ල මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම පැහැර හරින ලද රුපියල් මිලියන 1034 ක වැට් බදු මුදල අය කරගැනීම සඳහා විශේෂ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මෙම පැමිණිල්ල ඉදිරි දිනයකදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවීමට නියමිත බව වාර්තා වේ.
