විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් පවතින බවද ඒ සම්බන්ධයෙන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තුළ කටයුතු සිදුවෙමින් පවතින බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
අද (මැයි 22) පාර්ලිමේන්තුවේ පැවති අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඒ බව පැවසූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාද, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාද ඒ අනුව වැඩි කිරීමට නියමිත බවයි.
විශ්‍රාම වයස වැඩි කිරීමේ මෙම තත්වය හේතුවෙන් පහළ විනිසුරුවරුන්ට උසස්වීම් නොලැබීමේ තත්වයක් නිර්මාණය වී ඇති බවද, ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ විරෝධයක් පවතින බවද ඔහු කීවේය.
