විමල් වීරවංශට හෙට තලංගම පොලිසියට එන්නැයි නියෝග

බත්තරමුල්ල, පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුළු වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට හෙට (22) පෙරවරු 10:00 ට තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස නියෝග කර තිබේ. පොලිසිය පවසන්නේ ඒ පිළිබඳ ලිඛිත දැනුම් දීමක් ඒ මහතා වෙත යොමු කර ඇති බවයි.

මහනුවර බෝවල ප්‍රදේශයේ පදිංචි පහල වලව්වේ සෙනෙරත් බණ්ඩාර කොහොන නමැති අයෙකු විසින් තලංගම පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළ විමර්ශන කටයුතු සඳහා මෙම ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිතව ඇත.

මෙම පොලිස් නියෝගයට අනුව වගඋත්තරකාර විමල් වීරවංශ මහතා හෙට දින පොලිසිය හමුවේ පෙනී නොසිටියහොත්, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 172 වගන්තිය ප්‍රකාරව දඬුවම් කිරීම සඳහා එළඹෙන මැයි 26 වනදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව ද එහි සඳහන් වේ.

තලංගම පොලිසිය විසින් මෙම සිද්ධියට අදාළව අයුතු ජන රාශිය, අයුතු ඇතුළු වීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඊයේ (20) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමක් ද සිදු කර තිබුණි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading