දේශබන්දු, ජොන්ස්ටන් ඇතුළු 37 දෙනෙකුට එරෙහි අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවයි !

සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 37 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන නොවැම්බර් මස 4 දා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කරනු ලැබුවා‍.

ඒ එම සිද්ධියට අදාළ නඩුව ඊයේ (20) යළි කැඳවූ අවස්ථාවේ දී යි.

එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දෙනු ලැබුවේ, තුවාලකරුවන්ට අදාළ වෛද්‍ය වාර්තා 39 ක් ලැබී ඇති බවත්, තවත් වෛද්‍ය වාර්තා තුනක් ලැබීමට නියමිත බවත් ය.

කෙසේ නමුත්, තුවාලකරුවන්ට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ගොනු කරන ලෙස දන්වා ඇති බවත්, සිද්ධියට අදාළව තුවාල කරුවන් 56 දෙනකු විසින් අධිකරණ වෛද්‍ය පෝරම පුරවා ඇති බවත්, තුවාල කරුවන්ට අදාළ සියලු වෛද්‍ය වාර්තා ලද පසු එම සියලු වාර්තා නීතිපතිවරයාට යොමු කරන බවත් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියා.

ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 35 දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading