බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ ජාතික රෝහලේ නේවාසිකව සිටින පල්ලේගම හේමරතන හිමි හෙට (මැයි 22) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවට ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි වාර්තාවේ.
පල්ලේගම හේමරතන හිමි මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 50 වාට්ටුවේ නේවාසිකවව සිටින අතර එම වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරිය වශයෙන් කටයුතු කරන්නේ වෛවද්‍ය මනෝහාරී සෙනෙවිරත්නයි.
හේමරතන හිමිට දියවැඩියාව හා වකුගඩු ප්‍රශ්නයක් පවතින බවට හඳුනාගෙන ඇතැයි අපගේ කොළඹ ජාතික රෝහල් මූලාශ්‍ර පවසයි. එම මූලාශ්‍ර වැඩිදුරටත් පවසන්නේ වකුගඩු රෝගය උත්සන්න වී ඩයලයිසීස් හෙවත් රුධිර කාන්දුකරණය සිදුකරන රෝගීන් පවා නේවාසිකව ප්‍රතිකාර නොලබන බවත්, ඔවුන් එම කටයුතු සඳහා පැය කිහිපයකට පමණක් වාට්ටුවලට ඇතුළත් කර ගන්නා බවයි.
මීට පෙර මැයි 15 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති එම නඩුවව සඳහා පල්ලේගම හේරතන හිමි ඉදිරිපත් කෙරුණේ නැති අතර එදින බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබුයේ හේරතන හිමි වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දෙමින් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
අනුරාධපුර මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මැයි 15 වැනිදා පැවති එම නඩුවේදී නියෝග කළේ පල්ලේගම හේමරතන හිමි මැයි 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
