ඊශ්‍රායලය විසින් සමීරා මෙහෙබුදීන් සමග අත් අඩංගුවට ගන්නා ලද අයගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට ඊශ්‍රායලයේ රමොන් ගුවන් තොටුපළේ සිට යානා තුනකින් තුර්කියේ ඉස්තාන්බුල් කරා පිටමං කර තිබේ.
ගාසාහි ජනතාව වෙත ආධාර රැගෙන තුර්කියේ සිට ගමන් ඇරඹූ යාත්‍රා 50කින් පමණ යුතු ග්ලෝබල් සමුද් ෆ්ලෝටියා සහන කණ්ඩායමට අයත් මානව හිමිකම් ක්‍රියාකාරීන් 500කට ආසන්න පිරිසක් මේ ආකාරයට ඊශ්‍රායල හමුදා අත්අඩංගුවට පත් විය.
මෙම සිදු වීම ලෝකයේම අවධානයට ලක්වෙද්දී, ඊශ්‍රායල් ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ගිවීර් ලෝකයටම ඊශ්‍රායලයේ අශිෂ්ටත්වය මැනවින් විදහා පෙන්වමින් මෙලෙස අත් අඩංගුවට පත් වූවන්ට හිංසා කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා පැතිර ගියා. මෙලෙස ගත් සමීරා ඇතුළු පිරිස දණගස්වා ඉතා නින්දිත ලෙස බැන වදින දර්ශන එහි දක්නට ලැබුණා.
ඊශ්‍රායලය විසින් මෙතෙක් ලොවට පෙන් වූ ව්‍යාජ වෙස්මුහුණු මේ සමග ගැලවී යන ආකාරය බොහෝ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් විය.
ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඊශ්‍රායල් අන්තවාදීන් විසින් කිසිදු නීතිමය පදනමක් නොමැතිව මෙම පිරිස පැහැරගත් අතර ඊශ්‍රායලයේ මෙම නරුමත්වයට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල් සහ විවිධ සංවිධාන වලින් එල්ල වූ විරෝධය හමුවේ මෙම පිරිස මෙලෙස පිටමං කර තිබේ.
මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් සමිරා මෙසේ සඳහන් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් Srilanka Global Sumud සංවිධානය ෆේස්බුක් සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබුනා.
ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල හමුදාව විසින් ඇයව නීතිවිරෝධී ලෙස පැහැරගෙන යාම පිළිබඳව දැනුවත් කිරීමට සම්බන්ධ වූ සියලුම දෙනාට සහ ඇගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තම වෘත්තීය, සිවිල් සහ දේශපාලනික ධාරිතාවය තුළ පියවර ගත් සියලු දෙනාටම අපි මේ මොහොතේදී ස්තූතිවන්ත වෙමු.
ඊශ්‍රායල හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේදී සමීරා නීතිවිරෝධී ලෙස පැහැරගෙන යාමෙන් පසු ඇයගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ආරක්ෂාව වෙනුවෙන් සෘජුව පෙනී සිටි ශ්‍රී ලංකා රජයටද අපි ස්තූතිවන්ත වෙමු.
