පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත කණ්ඩායමේ නායක සහරාන් හෂිම් ගේ සහෝදරයා වන ෂයිනි මවුලවි ඇතුළු පිරිසට ඉන් පෙර පැවති නඩුවක දී ඇප ලබා දීම සඳහා හමුදා බුද්ධි අංශ මැදිහත් වී ඇතැයි අසාද් මවුලානා සාක්ෂි දෙමින් පැවසූ බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවසුවේ ය.
එහි දී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ශයිනි මවුලවි ඇතුළු පිරිසට ඇප ලබා ගැනීම සඳහා නීතිඥ ගාස්තු වශයෙන් ලක්ෂ දෙකහමාරක මුදලක් හා ඔවුන්ගේ පවුලේ අයවලුන් සඳහා තවත් රුපියල් පනස්දහසක මුදලක් හමුදා බුද්ධි අංශ විසින් ගෙවා ඇති බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන බවයි.
ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවේ අද (20) පැවති නඩුකරයේ දී කරුණු දක්වමිනුයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් ප්‍රංශයට ගොස් එහි දී අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවයි.
එම ප්‍රකාශයට අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කණ්ඩායමේ නායක සහරාන් හෂීම්ගේ සහෝදරයා වන ෂයිනි මවුලවි ඇතුළු පිරිස පාස්කු ප්‍රහාරයට පෙර මඩකලපුව අල්ලියාර් හන්දියේ සිදු වූ ගැටුමට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයේ රඳවා තිබේ.
එහි දී ඔවුන් බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් ඇතුළු පිරිස හමුවී ඇති බවත්, එම හමුවීමේ දී මෙම කණ්ඩායම් දෙක අතර සම්බන්ධීකරණය සඳහා හිටපු යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගේ මැදිහත්වීමෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බව දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ අනාවරණය කළේ ය.
මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන තිදෙනා එවකට බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් මුණගැසී ඇති බවත්, බලයට ආ විගස ඔහුට එරෙහිව ඇති නඩුවෙන් මුදාගැනීමට පොරොන්දු වී ඇති බවත් අසාද් මවුලානා තම ප්‍රකාශයේ වැඩිදුරටත් පැවසීය.
