වාහන ආනයන අධිභාරයට ජනාධිපතිවරයාගෙන් සංශෝධනයක්

වාහන ආනයනයේදී ඉදිරි මාස තුනක කාලයක් සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා පැනවූ අධිභාරය සංශෝධනයට ලක්කර ඇත.

මැයි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් පළමුව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළේ මැයි මස 16 වැනිදා සිට ඉදිරි මාස 3ක කාලයක් සඳහා වාහන ආනයනයේදී අයකරන රේගු බදු මත සියයට 50ක අධිභාරයක් පනවන බවයි. එම අධිභාරය මැයි 15 වැනිදාට පෙර ණයවර ලිපි විවෘත කරන ලද වාහන ආනයනයන් සඳහා බලනොපවත්වන බවයි.

එහෙත් මැයි 17 දින දරන අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර ඇත්තේ මැයි 15 දිනට පෙර වාහන ආයනයන සඳහා ණයවර ලිපි විවෘත කර ඇතත්, එහෙත් ඉන්පසු ණයවර ලිපියේ වාහන සංඛ්‍යාව, වාහනය හඳුනාගැනීමේ අංකය, වාහනයේ විස්තරය හා වාහනයේ තාක්ෂණික පිරිවිතරයන් යන එකක් හෝ කිහිපයක් සංශෝධනය කර ඇත්නම් අධිභාරය අදාළ කරගත යුතු බවයි.

මැයි 17 දින ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අදාළ චක්‍රලේඛය පහත දැක්වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading